like

Thursday, August 4, 2016

ස්වයං වින්දනය පිරිමින්ට අහිතකරද?



මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි.



1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.


වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු.


"දිනපතාම ස්වයං වින්දනයේ යෙදුනම කෙට්ටු වෙනවද?"


කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලු.


"මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ"


ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,


"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම් මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ" යන්නයි.





2. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?
අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ;) ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.

කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.



No comments:

Post a Comment