like

Wednesday, August 3, 2016

ප්‍රීති මොකද්ද මේ, කොන්ඩමය ගැන ඔබ නොදන්නා දේවල් කිහිපයක්


ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නමක් තමයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියල කියන්නේ. ජනතාවට පවුල් සැලසුම, ප්‍රජනන සෞඛ්‍ය, ලිංගික අවබෝධය පිලිබඳ දැනුවත් කිරීමේ සහ ඒ ආශ්‍රිත සේවා ලබා දීම ගැන මේ සංගමයෙන් සිදුවන්නේ විශාල සේවයක්. 1973 වසරේ ආරම්භ වෙලා මේ වෙන තෙක් ගෙවුණ කාලය තුල ප්‍රජනන සෞඛ්‍ය ගැන උපදෙස් ලබා දීම වගේම නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කෙරුණ පවුල් සැලසුම් උපකරණ බෙදාහැරීමේ කීර්තියද ඔවුන් සතුවනවා.

‘ප්‍රීති’ කියන්නේ එවන් එක් නිෂ්පාදනයක්. මෙය ලංකාව ඇතුලේ කොච්චර ජනප්‍රියද කියල කියනවනම් ‘ප්‍රීති’ කියන්නේ කොන්ඩම්වලට කියන තවත් නමක් විදිහට දැනෙන තරමට ජනතාවට එය සමීපයි.

කොන්ඩම් එහෙමත් නැත්නම් උපත් පාලන කොපු මගින් පුරුෂයාගේ ශුක්‍රානු ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වැලැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන අතර ස්ත්‍රියගේ යෝනි ශ්‍රාවයන් පුරුෂයාගේ ශිෂ්නයේ ශ්‍රාවයන් සමග ගැටීම වැලැක්වීම මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාවත් සලසනවා. නියම ආකාරයෙන් භාවිත කරන්නේ නම් සහ එය නියම ආකාරයෙන් ගබඩා ( වියලි , සිසිල් ) කරලා තියෙනවනම් මේ ක්‍රමය 97%ක් පමණ සාර්ථක බවයි පැවසෙන්නේ.

පවුල් සංවිධාන සංගමය මුලදී සාමාන්‍ය ලේටෙක්ස් වලින් නිපදවූ කොන්ඩම් බෙදාහැරියත් මේ වෙන කොට ජනතාවගේ විවිධ රුචිකතවයන්ට අනුකූල වන ලෙස විශේෂිත කරලා තියෙන කොන්ඩම් වර්ග කිහිපයක්ම පවුල් සංවිධාන සංගමය මගින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබනවා. ජනතාවට දැරිය හැකි මුදලට මේ සියළුම වර්ගයන් නිකුත් කිරීම තමයි විශේෂත්වය.

ඉතින් මේ ‘ප්‍රීති’ පවුලට පසුගිය මාසේ අලුතෙන්ම සාමාජිකයන් දෙදෙනෙකුත් එකතු වුණා. ඒ තමයි ‘ප්‍රීති හොට්’ සහ ‘ප්‍රීති කූල්’ කියන්නේ. ඒ මොනවද කියල දැන් අපි බලමු.
ප්‍රීති හොට්

Hot_Front

‘ප්‍රීති හොට්’ කොන්ඩමයේ තිබෙන්නේ උණුසුම දැනෙන නොඇලෙන හා වතුරේ පහසුවෙන් දියවන ලිහිසිකාරකයි (lubricants).
ප්‍රීති කූල්

Cool-Front

මෙම වර්ගයේ තිබෙන්නේ සිසිල දැනෙන සුළු නොඇලෙන හා වතුරේ පහසුවෙන් දියවන ලිහිසිකාරකයි.
ප්‍රමිතිය

පවුල් සංවිධාන සංගමයෙන් බෙදා හරිනවා කිව්වම කොහොමත් ප්‍රමිතිය ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැනේ. ලිංගිකව ප්‍රීතිවන යුවළකට උපරිම තෘප්තියක් ලබා ගැනීමට හැකිවන පරිද්දෙන් මෙම වර්ග දෙකම නිෂ්පාදනය වී තිබෙනවා. මේවා නිෂ්පාදනය කරන්නේ මැලේසියාවේ Karex Industries ආයතනය විසින්. ISO 4074 -2914 අන්තර්ජාතික ප්‍රමිතියට වගේම ASTM D3492-2014 කියන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතියට අනුකූලව තමයි ‘ප්‍රීති හොට්’ සහ ‘ප්‍රීති කූල්’ යන මේ කොන්ඩම් වර්ග දෙකම නිෂ්පාදනය වෙලා තියෙන්නේ.
නිසියාකාරව කොන්ඩමයක් පළඳින අයුරු

මේවා පළඳින්න ඕනැත් අනිත් කොන්ඩම් වර්ග පළඳිනවා වගේම තමයි. අපි ඒ කොහොමද කියල පියවරෙන් පියවර විමසා බලමු.

    පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය සහ පැකට්ටුව පළුදු වී ඇත්දැයි බලන්න .
    කල් පැන හෝ පළුදු වී නැත්නම් ඉන්පසු පැකට්ටුව විවෘත කරන්න . මේ සදහා පැකට්ටුවේ සදහන් කර ඇති පැත්තෙන් පමණක් අතින් ඉරා ගන්න. කිසිවිටකත් කටින් සැපීම හෝ කතුරින් කැපීම නොකරන්න.
    ඉන් පසු කොන්ඩමය පිටතට ගෙන එහි ඉහල කෙලවරේ ඇති උල් වූ කොටස මිරිකා ( වායු බුබුළු ඇතුළු වීම වැලක්වීමට ) ප්‍රාණවත් වූ ශිෂ්ණය මත තබා දිගහැරෙන පැත්තට සම්පුර්ණයෙන්ම රෝල් කරන්න
    මතක තබා ගන්න කොන්ඩමයක් භාවිත කල හැක්කේ ශිෂ්ණය ප්‍රාණවත්වූ අවස්ථාවේදී පමණයි.
    එමෙන්ම එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක අවස්ථාවක් පමණක් වන අතර නැවත නැවත භාවිතා කිරීම කිසිසේත් නොකළ යුතුයි.

කොන්ඩමයක් නිසියාකාරව ඉවත් කරන අයුරු

    ශුක්‍රානු පිටවූ වහාම , ශිෂ්ණය ප්‍රාණවත් වී ඇති අවස්ථාවේදීම ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුයි.
    ඉන් පසු එහි ඇති ශ්‍රාවයන් සිරුරේ තැවරීම වැලක්වීමට කොන්ඩමය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුයි.
    ගලවාගත් කොන්ඩමය කඩදාසියක ඔතා කසළ බඳුනක දමන්න.
    නැතහොත් වැළලීම හෝ පුච්චා දැමිය යුතුයි.

කොන්ඩම් භාවිතයේ වාසි

    අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම
    ලිංගිකව බෝ වන රෝග වලින් වැලැක්වීම (AIDS/HIV, ගොනෝරියා වැනි)
    පහසුවෙන් ඕනෑම තැනකින් මිලදී ගත හැකි වීම
    පහසුවෙන් පැළදිය හැකි වීම
    ලිංගික තෘප්තිය වැඩිකරගැනීම සඳහා නොයෙකුත් වර්ගවලින් ලබා ගත හැකි වීම.

වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකි පවුල් සංවිධාන සංගමය විසින් බෙදාහරින වෙනත් කොන්ඩම් වර්ග

    ප්‍රීති සුපර් – ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි.
    ස්ටැමිනා – බෙන්සොකේන් සහිත කොන්ඩමයක් වන බැවින් උච්චතම අවස්ථාවට පැමිණීම (සුරතාන්තයට) පමාකරයි. ඉක්මනින් ශුක්‍ර පිටවීමේ තත්ත්වය ද මග හරවයි.
    රෆ් රයිඩර් – ගැටිති සහිත කොන්ඩමයකි.
    ලයිෆ් ස්ටයිල් මික්ස් බෙරි – ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් හා රසයෙන් යුතුයි.
 

No comments:

Post a Comment