like

Tuesday, August 16, 2016

මුඛ ලිංගික සංසර්ගය පිලිබඳව මේ කරුණු ඔබ දැන සිටියාද


යමෙකු මුඛය, දිව, දත් හෝ උගුර යොදාගෙන තවෙකෙකුගේ ලිංගෙන්ද්‍රිය උත්තේජනය කිරීම මුඛ සංසර්ගය​‌ ලෙස සැලකෙනවා.

මෙහිදී කාන්තාවකගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම භගලේහය (cunnilingus) ලෙසත් පුරුෂයකුගේ ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම ෆෙලාශියෝ (fellatio)ලෙසත් හැඳින්වෙනවා. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින පරිදි මුඛය මගින් සිරුරේ වෙනත් ස්ථාන සිප ගැනීම, ලෙව කෑම යනාදිය මුඛ සංසර්ගය යන්නට අයත් වන්නේ නැහැ.

මුඛ සංසර්ගය නිසා ගැබ් ගැනීමක් සිදු නොවන අතර මුඛ සංසර්ගය සනීපාරක්ශාවට තරමක් අහිතකර බවටත් ඇතැමුන් මත පල කරනවා. නමුත් එය පදනම් වන්නේ ලිංගික කටයුතුවල යෙදෙන දෙදෙනා තම පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කෙතරම් සැලකිලිමත් වනවාද යන්න අනුවයි. විශ්වාසවන්ත අයෙකු සමඟ ලිංගිකව හැසිරෙනවානම් සනීපාරක්ෂාව යනු ගැටළුවක් කරගත යුතු කාරණයක් නෙවෙයි.

මුඛ සංසර්ගය මගින් ද HIV, HPV, හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්රෙෂනයවන රෝග වැළඳීමේ සම්භාවිතාව තිබුණත් යෝනි සංසර්ගය සහ ගුද සංසර්ගය හා සසදන විට එය ඉතාම සුළු ප්‍රතිශතයක් වනවා.

ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතික මතිමතාන්දර නිසා අවිවාහකයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට මුඛ සංසර්ගයේ යෙදෙනවා. එමෙන්ම ලිංගික සංසර්ගයට පෙර උත්තේජනයක් ලබා ගැනීමටද මෙය වැදගත් සාධයකයක් වනවා. විශේෂයෙන් කාන්තාව මුඛ ලිංගිකව උත්තේජනය කිරීමෙන් ඇගේ යෝනි මාර්ගයෙන් ලිහිසි ද්‍රව්‍ය ස්‍රාවය වී යෝනි සංසර්ගය පහසු කරනවා.

එමෙන්ම ශුක්‍ර තරලය ගිලීම නිසා ගබ්සාවීමේ අවදානම ද යම් ප්‍රමාණයකින් අඩු වෙතැයි වෛද්‍යවරුන් කියා සිටිනවා.
මුඛ සංසර්ගයේ අවදානම් තත්ත්ව

    උගුරේ පිළිකා තත්ත්ව ඇතිවීමේ අවදානම

කෙළ සහ තරල මගින් human papillomavirus (HPV) සම්ප්‍රේෂණය වීම නිසායි මෙම අවදානම ඇතිවන්නේ.

    බැක්ටීරියා ආසාදන තත්ත්ව
    ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීමේ අවදානම

ඉහත අවදානම් දෙකම යෝනි සංසර්ගයට සා ගුද සංසර්ගයට සාපේක්ෂව ඉතාම සුළු සම්භාවිතාවක් තමයි මුඛ සංසර්ගයේ යෙදීමෙන් ඇතිවන්නේ.

Wednesday, August 10, 2016

ඉන්ද්‍රිය කුඩාද.මෙන්න විසඳුම.

අද බොහෝ පිරිමින්ට තියන ලොකු ගැටලුවක් ඉන්ද්‍රිය කුඩාබව.මගෙන් ගොඩක් අය ඉල්ලල තිබුනා ඊට සුදුසු පිලියමක් හොයල පොස්ට් එකක් දාන්න කියල.මං ඔයාලට ලින්ක් එකක් දෙන්නම්.එකෙ තියන ලිපිය කියවල ඔයාලට ඔනදේ කරගන්න.බායි.තවත් ලිපියකින් මුනගැහෙනකම්.
පහල තියන ලින්ක් එකට ගිහින් ලිපිය කියවන්න.

http://adf.ly/1d4rpj

Sunday, August 7, 2016

ඔබ දන්නවාද කාන්තාවන් කරන වතුර සම්ඟ ස්වයංවිදනය ගැන.


කාන්තාවන් කරන අපූරු ස්වයං වින්දන රටාවක් ගැන තමයි අපි අද ජීවිතයට සහනයක් තුලින් ඔයාලට කියන්නේ. ඔවුන් මෙයට යොදාගන්නේ නාන කාමරයයි. ඉතින් බලන්න මෙය කුමක්ද කියලා.
කාන්තාවන් නාන අතරතුර මෙහි යෙදෙන අතර එහිදී ඔවුන් නාන අවස්ථාවක හෝ ඇයට ස්වයං වින්දනයක් අවශ්‍ය වූ අවස්ථාවක මෙය සිදු කරයි. ඔවුන් තමන්ගේ රහස් ප‍්‍රදේශය ටැප් ලයින් එකෙන් එන වතුර පාරට අල්ලාගෙන සිටිනවා. මෙහිදී ඔවුන් වතුර පාරේ සැර උපරිමයෙන් විවෘත කරයි. මෙහිදී කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශය උත්තේජනය වන අතර එයින් ඇයගේ රහස් ප‍්‍රදේශයේ හිරි වැටීමක් සිදු වනවා. මෙමගින් ඇය වින්දනයක් ලබනවා.

ඉතින් මේකෙන් අතුරු ආබාධ තිබෙනවද කියන එක ප‍්‍රශ්නයක්ද? ඒක මෙහෙමයි වෙන්නේ මෙයින් කිසිම අතුරු ආබාධයක් වන්නේ නැහැ හැබැයි ඔබ මෙයනම් දැන ගත යුතුමයි. මෙයින් ඔබේ රහස් ප‍්‍රදේශය ඇදීමකට ලක් විය හැකියි. ඔබත් මෙය කරනවානම් එයින් මිදෙන්න මොකද ඔබේ රහස් ප‍්‍රදේශයේ ඇදීම් ඇති විය හැකි නිසා. ඔබට ප‍්‍රශ්නයක් නැතිනම් කමක් නැහැ.

ස්ත්‍රී ලිංගාශ්‍රිත තෙත් බව අඩුද.ලිංගික කාර්‍යයට බාධාවක්ද.මෙන්න විසඳුම.


ගොඩක් ගෑනු ලමයි වද විඳින ප්‍රශ්නයක් තමා තමන්ගෙ යෝනිමාර්ගයේ ස්වාභාවික ලුබ්‍රිකන්ට් අඩුකම. සමහරුන්ගෙ එන්නෙම නෑ. ඉතින් දුක්විඳිනවා. මධුසමයත් අප්සට් කරගන්නවා. ඩොක්ට කෙනෙක් ලඟට යන්නෙත් නෑ. සමහරු විවාහ ජීවිතේම අවුල් කරගන්නවා.

මේකට තියෙන්නෙ හරිම සරල විසඳුමක්. තනියමත් මේකට විසඳුමක් හොයාගන්න තිබුනා, හරියට මොලේ පාවිච්චි කලානම්. සමහරු දවසෙම ඉන්නෙ ඉන්ටෙර්නෙට් එකේ.ඒත් බලන්නෙ ඕනෙ දේවල් නෙවේ. ඉගෙනගන්න ඕනෙතරම් ක්‍රම තිබිලත් ඉගෙනගන්නෙ නෑ. මම එහෙම කිව්වෙ, තමන්ට ලිංගික ගැටලුවක් නෙවෙයි, වෙන ඕනෙම එකකදි ඉන්ටෙර්නෙට් සර්ච් එකකින් සම්පූර්න ගැටලුවට විසඳුමක් හොයාගන්න පුලුවන්.

යෝනියෙ තෙත්ගතිය නැති එකට මොකද කරන්න පුලුවන් කියල ගෑනුලමයි දහයකගෙන් ඇහුවොත් බොහෝදුරට දහදෙනාම දන්නෙ නෑ මොකද කරන්න ඕනෙ කියල. ඉන් බොහොම ටිකදෙනයි දන්නෙ අඩුතරමින් ඩොක්ට කෙනෙක් ලඟට ගියොත් සහනයක් ලබාගන්න පුලුවන් කියල. ඉතින් ජීවිතේම විඳවනව.

ඔයාල අහල තියෙනවද කේ. වයි. ජෙල් ගැන? මේක තමා සරලම විසඳුම.

සමහර වෙලාවට ඩොක්ටස්ල දෙන්නෙ ටිකක් මිල වැඩි හෝමෝන තියෙන ක්‍රීම් එකක්. ඒකෙ මිල මීට වඩා දෙගුනයක් විතර වැඩියි. නමුත් කේ. වයි. ජෙල් තමා පහසුම සහ සරලම දෙය. මම දන්න තරමින් ඕනෙම ෆාමසියක තියෙන ග්‍රෑම් හතලිහ සහ අසූව කියන ප්‍රමාන වලින් තමා එන්නෙ. මේක යෝනියට ශිෂ්නය ඇතුල් කරන්න ඉස්සෙල්ල යෝනියෙ ටිකක් ඇතුලට වෙන්නත් ශිෂ්නයේ කෙලවරත් ගාන්න පුලුවන්. යොනියට විතරක් දැම්මත් ඇති. නමුත් ශිෂ්නයෙත් ගෑවම වඩාත් හොඳයි.

ඒ විතරක් නෙවෙයි, මම කිව්වනෙ ගොඩක් ගෑනු ලමයි බඳින්න කලින් සෙක්ස් කරන්න කැමතියිනෙ. ඒක රහසක් නෙවෙයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ආසියාවට වැදගත් කන්යා පටලය. ඉතින් දන්න අයනම් ඒකත් බේරගෙන ලිංගික රශාස්වාදයත් ලබාගන්නව. එහෙම ගොඩක් අය තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ට ඉඩ දෙනව ශිෂ්නය යොනියෙ ස්පස්ශ කරන්න. මෙ කියන ලිංගික ක්‍රියාකාරකමටත් මේ ජෙල් එක පාවිච්චි කරන්න පුලුවන්. මේකෙදිත් යෝනියෙ සහ ශිෂ්නයෙ දෙකේම ජෙල් ගාන්න පුලුවන්. මේ ලිංගික ක්‍රියාකාරකමේදි ගෑනු ලමයට ලැබෙන්නෙ G Spot Orgasm කියන තත්වයේ සුරාන්තය, ශිෂ්නය ස්පර්ශ කරන්නෙ යෝනියෙ පිටපැත්තෙ නිසා. හොද තෙත් බවක් නැති උනොත් මේ ලිංගික ක්‍රියාව අසාර්තකයි. ඒක නිසා හොඳින් ජෙල් යෝනිය උඩ පැත්තෙ ගාන එක තමා කරන්න ඕනෙ. ශිෂ්නයෙත් ගාන්නම ඔනෙ.

අන්තිමට කියන්න දෙයක් තියෙනවා, ඒතමා යොනියට එක පාරටම ශිෂ්නය දාන්න කලින් ඕරල් සෙක්ස් කලානම් ඒක තමා හොඳම ස්වාභාවික විසඳුම. යෝනියට ශිෂ්නය දැම්මත්, බාහිරින් ස්පර්ශ කලත් ඊටකලින් ඕරල් සෙක්ස් කරන ගමන් හොඳින් යෝනියෙ කෙල ගෑවෙනවනම් ඒක තමා හොඳම නචුරල් ලුබ්‍රිකන්ට් එක. ප්‍රපෝසල් එකකින් බැන්ඳනම් ඉතින් ඒගොල්ලො දන්නෙ යන්තම් ඇදුම් පහත් කරල කව්රුවත් එන්න කලින් යෝනියට ශිෂ්නය දාන්න විතරයි. ඒගොල්ලො ඉතින් ඕරල් කරන එකක් නෑ. ජෙල්ම තමා පිහිටට ඉන්නෙ.

Friday, August 5, 2016

ලිංගික ශක්තිය අඩුද?එහෙනම් මේවා වැඩිපුර ගන්න.


නව යොවුන් වියට පත්වුන කාන්තා හෝ පිරිමි ඕනෑම කෙනෙකුට ලිංගික ආශාව තිබෙනවා. එහෙත් එදිනෙදා ජිවිතයේදී සිදුවන සිදුවීම් සමග ලිංගික ආශාවන් නැති වී යනවා. පවුලක් සතුටින් සිටීමට ලිංගිකත්වය අනිවාර්ය වේ.
අද සමාජයේ බොහෝ අය අතර ලිංගික දුබලතා බහුල වශයෙන් දක්නට ලැබෙනවා. විශේෂයෙන් නිසි වයස ඉක්මවා විවාහ වීම, මත් ද්‍රව්‍ය වලට නැඹුරුවීම ආදී කරුණු සුවිශේෂී.
අප ගන්නා ආහාර අතරින් ලිංගික හැකියාව වඩවන ලිංගික හැකියාව තෘප්තිමත් කරන ආහාර කිහිපයකි මේ
මෙම අහාර ගැනීමෙන් ඔබට ඔබේ ලිංගික ශක්තිය වැඩිකර ගැනීමට හැකි වනු ඇත
කෙසෙල්
කාබරංගා
ස්ට්‍රෝබෙරි
දෙහි යුෂ
කජු, රටකජු
අලි ගැට පේර
දූරියන්
බෙරි
දෙළුම්
චොකලට්
ආමන්ඞ්
බිත්තර

Thursday, August 4, 2016

ස්වයං වින්දනය පිරිමින්ට අහිතකරද?



මම අද මේ ලිපියෙන් කියන්නෙ ස්වයං වින්දනයෙ යෙදෙන හැටිනම් නෙමේ.අපොයි මට වඩා හොඳ පුරුදු කාරයො පුරුදුකාරියො එහෙම ඇතිනෙ ඉතින් මේ අය අතරෙත්.මං මෙයින් අද කියන්නෙ පොදුවෙ මේ ගැන අප හිත් තුල පවතින මුත් හිඳිනා සාපේක්ෂ රාමුව තුල සභ්‍යව අපිට අරුත් ගන්වන්න නොතේරෙන පොදු ගැටලු කීපයක් ගැනයි.



1. ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?
බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ.මහත අය එහෙම කියනව අඩුයි.ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල.නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල.ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ.එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කරගැනීමක් පමණයි.එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ.වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.


වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා.ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලු.


"දිනපතාම ස්වයං වින්දනයේ යෙදුනම කෙට්ටු වෙනවද?"


කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඬනගල කියෙව්වලු.ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලු තත්පර කීපයක් නිසොල්මනේ.ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලු.


"මේ බලන්න.මේ මම හොඳට ඉන්නෙ.මම කෙට්ටු වෙලා නෑනෙ"


ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලු.සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,


"ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවනම් මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ" යන්නයි.





2. අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?
අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය.එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව.මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි.දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම [ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව] නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිබෙන නිසාවෙනි.අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි.කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ;) ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ.නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.

කෙනෙක් ස්වයං වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි.එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ.බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි.ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ.නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණි.



ක්ෂණික මෝචනයට සහනය


ක්ෂණික මෝචනයට සහනය දෙන ප්‍රතිකාර ක්‍රම 5ක්

    ක්ෂණික මෝචනය කියන්නේ නොකියනවා වුණාට බොහෝ පුරුෂයන් පීඩා විඳින ගැටළුවක්. ඒ ගැන දැනුවත් කිරීමට තමයි මේ ලිපිය වෙන්වන්නේ.

ක්ෂණික මෝචනය යනු,

කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය පාලනය කර ගැනීමට පිරිමියාට නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්‌ටමේ ක්‌ෂණික මෝචනයක්‌ බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
ප්‍රතිකාර ලබා දීමේ ක්‍රම,

මෙම ක්‌ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක්‌ම තිබෙනවා. නමුත් ඒවා ලබා දෙන්නේ මතුවෙලා තිබෙන ගැටලුවට අනුවයි.

ශාරීරික රෝගී තත්ත්වයක්‌ නිසා ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත්. මෙම රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්‌ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වනවා.

ප්‍රාණවත් වීමේ අඩුවක්‌ ඇති විටදී ද ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නට පුළුවන්. එවන් අවස්‌ථාවකදී එම ගැටලුවට හේතු හඳුනාගෙන ප්‍රතිකාර කිරීම කළ යුතුයි.

ඊට අමතරව,

මානසික උපදේශනය

නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්‍ෂණික මෝචනය ඇතිවන්නට පුළුවන්.  මේවා මානසික රෝග නෙවෙයි. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම, වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම්, තමාගේ ලිංගික හැකියාව අවතක්‌සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු මෙයට බලපානවානිසි උපදේශනයක් මගින් මෙවන් තත්ත්ව මග හරවා ගත හැකියි.

ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්

ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිරිමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුයි.  එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්‌මනින් ශුක්‍රානු පිටවීමට බලපානවා. එයට ප්‍රතිකර්මය තමයි නිසි ඉරියව් අනුගමනය කිරීම.

ඖෂධ

ඉක්‌මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග තිබෙනවා. ඒ වගේම ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කරන කොන්ඩම් වර්ගද දැන් වෙළෙඳපොළෙන් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් මේ සැම එකක්ම හිතුමතේ භාවිතයට නොගෙන වෛද්‍ය උපදෙස් මතම ලබා ගැනීම අනිවාර්ය බව ඔබ මතක තබා ගත යුතුයි.

Wednesday, August 3, 2016

ප්‍රීති මොකද්ද මේ, කොන්ඩමය ගැන ඔබ නොදන්නා දේවල් කිහිපයක්


ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි නමක් තමයි ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය කියල කියන්නේ. ජනතාවට පවුල් සැලසුම, ප්‍රජනන සෞඛ්‍ය, ලිංගික අවබෝධය පිලිබඳ දැනුවත් කිරීමේ සහ ඒ ආශ්‍රිත සේවා ලබා දීම ගැන මේ සංගමයෙන් සිදුවන්නේ විශාල සේවයක්. 1973 වසරේ ආරම්භ වෙලා මේ වෙන තෙක් ගෙවුණ කාලය තුල ප්‍රජනන සෞඛ්‍ය ගැන උපදෙස් ලබා දීම වගේම නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කෙරුණ පවුල් සැලසුම් උපකරණ බෙදාහැරීමේ කීර්තියද ඔවුන් සතුවනවා.

‘ප්‍රීති’ කියන්නේ එවන් එක් නිෂ්පාදනයක්. මෙය ලංකාව ඇතුලේ කොච්චර ජනප්‍රියද කියල කියනවනම් ‘ප්‍රීති’ කියන්නේ කොන්ඩම්වලට කියන තවත් නමක් විදිහට දැනෙන තරමට ජනතාවට එය සමීපයි.

කොන්ඩම් එහෙමත් නැත්නම් උපත් පාලන කොපු මගින් පුරුෂයාගේ ශුක්‍රානු ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වැලැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන අතර ස්ත්‍රියගේ යෝනි ශ්‍රාවයන් පුරුෂයාගේ ශිෂ්නයේ ශ්‍රාවයන් සමග ගැටීම වැලැක්වීම මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂාවත් සලසනවා. නියම ආකාරයෙන් භාවිත කරන්නේ නම් සහ එය නියම ආකාරයෙන් ගබඩා ( වියලි , සිසිල් ) කරලා තියෙනවනම් මේ ක්‍රමය 97%ක් පමණ සාර්ථක බවයි පැවසෙන්නේ.

පවුල් සංවිධාන සංගමය මුලදී සාමාන්‍ය ලේටෙක්ස් වලින් නිපදවූ කොන්ඩම් බෙදාහැරියත් මේ වෙන කොට ජනතාවගේ විවිධ රුචිකතවයන්ට අනුකූල වන ලෙස විශේෂිත කරලා තියෙන කොන්ඩම් වර්ග කිහිපයක්ම පවුල් සංවිධාන සංගමය මගින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබනවා. ජනතාවට දැරිය හැකි මුදලට මේ සියළුම වර්ගයන් නිකුත් කිරීම තමයි විශේෂත්වය.

ඉතින් මේ ‘ප්‍රීති’ පවුලට පසුගිය මාසේ අලුතෙන්ම සාමාජිකයන් දෙදෙනෙකුත් එකතු වුණා. ඒ තමයි ‘ප්‍රීති හොට්’ සහ ‘ප්‍රීති කූල්’ කියන්නේ. ඒ මොනවද කියල දැන් අපි බලමු.
ප්‍රීති හොට්

Hot_Front

‘ප්‍රීති හොට්’ කොන්ඩමයේ තිබෙන්නේ උණුසුම දැනෙන නොඇලෙන හා වතුරේ පහසුවෙන් දියවන ලිහිසිකාරකයි (lubricants).
ප්‍රීති කූල්

Cool-Front

මෙම වර්ගයේ තිබෙන්නේ සිසිල දැනෙන සුළු නොඇලෙන හා වතුරේ පහසුවෙන් දියවන ලිහිසිකාරකයි.
ප්‍රමිතිය

පවුල් සංවිධාන සංගමයෙන් බෙදා හරිනවා කිව්වම කොහොමත් ප්‍රමිතිය ගැන නම් බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැනේ. ලිංගිකව ප්‍රීතිවන යුවළකට උපරිම තෘප්තියක් ලබා ගැනීමට හැකිවන පරිද්දෙන් මෙම වර්ග දෙකම නිෂ්පාදනය වී තිබෙනවා. මේවා නිෂ්පාදනය කරන්නේ මැලේසියාවේ Karex Industries ආයතනය විසින්. ISO 4074 -2914 අන්තර්ජාතික ප්‍රමිතියට වගේම ASTM D3492-2014 කියන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමිතියට අනුකූලව තමයි ‘ප්‍රීති හොට්’ සහ ‘ප්‍රීති කූල්’ යන මේ කොන්ඩම් වර්ග දෙකම නිෂ්පාදනය වෙලා තියෙන්නේ.
නිසියාකාරව කොන්ඩමයක් පළඳින අයුරු

මේවා පළඳින්න ඕනැත් අනිත් කොන්ඩම් වර්ග පළඳිනවා වගේම තමයි. අපි ඒ කොහොමද කියල පියවරෙන් පියවර විමසා බලමු.

    පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය සහ පැකට්ටුව පළුදු වී ඇත්දැයි බලන්න .
    කල් පැන හෝ පළුදු වී නැත්නම් ඉන්පසු පැකට්ටුව විවෘත කරන්න . මේ සදහා පැකට්ටුවේ සදහන් කර ඇති පැත්තෙන් පමණක් අතින් ඉරා ගන්න. කිසිවිටකත් කටින් සැපීම හෝ කතුරින් කැපීම නොකරන්න.
    ඉන් පසු කොන්ඩමය පිටතට ගෙන එහි ඉහල කෙලවරේ ඇති උල් වූ කොටස මිරිකා ( වායු බුබුළු ඇතුළු වීම වැලක්වීමට ) ප්‍රාණවත් වූ ශිෂ්ණය මත තබා දිගහැරෙන පැත්තට සම්පුර්ණයෙන්ම රෝල් කරන්න
    මතක තබා ගන්න කොන්ඩමයක් භාවිත කල හැක්කේ ශිෂ්ණය ප්‍රාණවත්වූ අවස්ථාවේදී පමණයි.
    එමෙන්ම එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක අවස්ථාවක් පමණක් වන අතර නැවත නැවත භාවිතා කිරීම කිසිසේත් නොකළ යුතුයි.

කොන්ඩමයක් නිසියාකාරව ඉවත් කරන අයුරු

    ශුක්‍රානු පිටවූ වහාම , ශිෂ්ණය ප්‍රාණවත් වී ඇති අවස්ථාවේදීම ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුයි.
    ඉන් පසු එහි ඇති ශ්‍රාවයන් සිරුරේ තැවරීම වැලක්වීමට කොන්ඩමය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුයි.
    ගලවාගත් කොන්ඩමය කඩදාසියක ඔතා කසළ බඳුනක දමන්න.
    නැතහොත් වැළලීම හෝ පුච්චා දැමිය යුතුයි.

කොන්ඩම් භාවිතයේ වාසි

    අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම
    ලිංගිකව බෝ වන රෝග වලින් වැලැක්වීම (AIDS/HIV, ගොනෝරියා වැනි)
    පහසුවෙන් ඕනෑම තැනකින් මිලදී ගත හැකි වීම
    පහසුවෙන් පැළදිය හැකි වීම
    ලිංගික තෘප්තිය වැඩිකරගැනීම සඳහා නොයෙකුත් වර්ගවලින් ලබා ගත හැකි වීම.

වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකි පවුල් සංවිධාන සංගමය විසින් බෙදාහරින වෙනත් කොන්ඩම් වර්ග

    ප්‍රීති සුපර් – ස්වාභාවික ලේටෙක්ස් රබර් වලින් නිපදවා ඇති ගැටිති සහිත කොන්ඩමයකි.
    ස්ටැමිනා – බෙන්සොකේන් සහිත කොන්ඩමයක් වන බැවින් උච්චතම අවස්ථාවට පැමිණීම (සුරතාන්තයට) පමාකරයි. ඉක්මනින් ශුක්‍ර පිටවීමේ තත්ත්වය ද මග හරවයි.
    රෆ් රයිඩර් – ගැටිති සහිත කොන්ඩමයකි.
    ලයිෆ් ස්ටයිල් මික්ස් බෙරි – ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් හා රසයෙන් යුතුයි.
 

සමාජරෝග පිළිබඳව ඔබ මෙම කරුණු දැන සිටියාද?


සමාජ රෝග කියන්නේ ඇසෙනකොටම කෙනෙකු බියට ගන්වන වචන දෙකක්. කොතරම් බියවී සිටියද ඒ පිලිබඳ නිසියාකාර දැනුමක් අපේ රටේ බොහෝ දෙනාට නැති බව කිව යුත්තේ කණගාටුවෙන්. මේ නිසාම අහිංසක පුද්ගලයන්ට පවා හිරිහැර විඳීමට සිදු වූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී අසන්නට දකින්නට ලැබුණා. මේ ලිපියේ අරමුණ සමාජ රෝග යනු මොනවද යන්න පිලිබඳ ඔබට දළ අවබෝධයක් ලබා දීමයි.

සමාජ රෝග යනු මොනවා ද?

සමාජ රෝග යන වචනයට වඩාත් ගැළපෙන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හෙවත්, ලිංගිකව පැතිරෙන රෝග යන්නයි. අතීතයේ සිටම එය VD යන කෙටි නාමයෙන් ද හැඳින්වෙනවා. ඒ ‘Venereal Disease’ යන වචන දෙකේ මුල් අකුරු දෙක ගෙන කෙටි යෙදුමක් ලෙසයි. එහෙත් වර්තමානයේ මෙම  රෝග Sexually Transmitted Diseasesහෙවත් STD යන යෙදුමෙන් වඩාත් පැහැදිලිව අර්ථ දැක්වෙනවා.
VD යන කෙටි නාමය යටතට ගැනෙන රෝග මොනවා ද?

එය ලිංගිකව බෝවිය හැකි සෑම රෝගයකටම පොදුවේ භාවිත කරන නාමයයි. එවැනි රෝග 13 ක් පමණ තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් සමහර රෝග ඉතා භයානකයි. සුව කළ නොහැකියි. සමහර රෝග භයානක වුවද නිවැරැදි ප්‍රතිකාර මඟින් සුව කළ හැකියි. ප්‍රතිකාර නොකළේ නම් රෝගය උත්සන්න වී රෝගියා මියයාමට ද පුළුවන්. තවත් සමහර රෝග භයානක නොවුණත් කරදරකාරියි.
එවැනි රෝගවලින් වැළකීමට පුළුවන් ද?

ඔව්. එය මතකයේ තබා ගත යුතු ඉතා වැදගත් කරුණක්. ලිංගිකව පැතිරිය හැකි රෝග බොහෝ විට බෝවන්නේ එම රෝගය වැලඳි ඇති තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟ ලිංගික ඇසුරක් පැවැත්වීමෙන්. එම නිසා එවැනි රෝගවලින් වැළකීම ඉතා පහසුයි. අවශ්‍ය වන්නේ නිවැරැදි ජීවන රටාවකට හුරු වීමයි. මීට අමතරව රුධිර පාරවිලනයෙන්, නික්ෂේපණ සහ මවගෙන් කළලයට ආදි ලෙස සමාජ රෝග බෝවිය හැකියි.
බහුලව දක්නට ලැබෙන සමාජ රෝග මොනවා ද?

අපේ රටේ ප්‍රධාන වශයෙන් පැතිරී ඇති මෙවැනි රෝග හතරක් තිබෙනවා. ගොනෝරියාව, උපදංශය (සිෆිලිස්), නොවිශේෂිත මුත්‍රා මාර්ග ආසාදනය සහ ලිංගික හර්පීස් ආදි රෝග ඒ අතර ප්‍රධානයි.

මීට අමතරව ඉනිකුන්නන් බෝවීම, දිලීර ආසාදන, ට්‍රයිකෝමොනාසිස් ආසාදන වැනි රෝග ද දැකගත හැකියි. එමෙන් ම බහුලව පැතිර නැතත් ඒඩ්ස් රෝගය ද භයානක රෝගී තත්ත්වයක්. එය මාරාන්තිකයි.
සමාජ රෝග වැලඳුණු පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද?

කෙනෙකු දෙස බාහිරින් නිරීක්ෂණය කොට ඔහුට සමාජ රෝගයක් තිබේ ද? නොතිබේ ද? යන්න නිශ්චය කළ නොහැකියි. ඉතා සෞඛ්‍ය සම්පන්න ලෙස පෙනෙන අයට පවා එවැනි රෝග වැලඳි තිබිය හැකියි. තමන්ට සමාජ රෝග වැලඳි ඇති ද යන සැකය ඇත්නම් වෛද්‍ය පරීක්ෂණ මඟින් එය ස්ථිරවම නිගමනය කළ හැකියි.
එවැනි සැකයක් ඇති කෙනෙක් කළ යුතු කාර්ය කෙබඳු ද?

එවැනි සැකයක් වේ නම් හැකි විගස වෛද්‍යවරයකු හමුවිය යුතුයි. මෙහිදී වෛද්‍යවරයාට රෝගය පිළිබඳව විස්තර නොසඟවා පැවසීම ඉතාම වැදගත්. බොහෝ සමාජ රෝග සඳහා නොවරදින ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එසේ ප්‍රතිකාරවලට යොමු වීමෙන් තමන්ට රෝගය සුව කර ගැනීමට අවස්ථාව උදාවනවා සේ ම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග මැඬලීමට සහාය වීමට ද පුළුවන්.
සමහර සමාජ රෝග වැසිකිළි අසුනේ වාඩිවීමෙන් බෝ වෙනවා ද?

එය ඉතාම කලාතුරකින් සමහර රෝගයක දී පමණක් සිදුවන්නක්. ‘ට්‍රයිකොමොනයිසස්’ නමැති යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීමේ රෝගය තෙත් වූ වැසිකිළි සීට් එකකින් බෝවිය හැකියි. සමාජ රෝග බොහෝ විට බෝවන්නේ ලිංගික ඇසුරකදීයි.
සමාජ රෝග කාන්තාවකගේ වඳ බවට හේතුවක් ද?

සමාජ රෝග වැලඳුණ කාන්තාවක් වඳ බවට පත්විය හැකියි. ඊට හේතුව එවැනි කාන්තාවන්ගේ අභ්‍යන්තර ලිංගික අවයව ආසාදනයට ලක්වීම නිසා ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් වී පැලෝපීය නාලය දිගේ එන ක්‍රියාවලිය අවහිර විය හැකි අතර එය වඳ බවට පත්වීමට හේතුවක් වීමයි.

ස්වයං වින්දනය ගැන ඔබ දැනගතයුතු දේවල් කිහිපයක්


ස්වයං වින්දනය ගැන ටිකක් කියන්නයි හැදුවේ...ස්වයං වින්දනය කියන්නේ නිකන් වනචර කමට කරන දෙයක්වත් නැත්නම් මානසික අසහනයක් නිසා කරන දෙයක්වත් නෙමෙයි...ස්වයං වින්දනය කියන්නේ ඉතාමත් අහිංසක ලෙස තමුන්ගේ ලිංගික ආශාවන් පිනවාගන්න කරන දෙයක්...

ස්වයං වින්දනය ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි... ගෑණු පක්ශය ගත්තම තමුන්ගේ පියයුරු, යෝනි ප්‍රදේශය, භගමනිය වගේ ස්තාන තමුන්ම පිරිමැදගෙන සරළ විදිහට ස්වයං වින්දනය කරන්න පුලුවන් උනාට එතනින් එහාට සමහර අය ගිහින් යෝනී මාර්ගය ඇතුලට තමුන්ගේ ඇඟිල්ල, විවිද වූ ඩිල්ඩෝ වගේ ලිංගික උපකරණ දමාගෙන මේ කාර්යයේ යෙදෙන්න පුලුවන්..

හැබැයි රජෝ එහෙම කලොත්නම් කණ්‍යයාපටලය කැඩෙන එක ශුවර් තමයි...
මෙහෙම කාන්තාවක් ( බොහෝ විට ගැහැණියක්) ස්වයං වින්දනය කිරීමේ වාසි තියනවා...
1. තමුන්ගේ මනුස්සයා පිට රටක හරි, හමුදාවේ හරි කාලෙකට වරක් ගෙදර එන රස්සාවක නියැලෙන කෙනෙක්නම් වෙන මිනිස්සු පස්සේ වලත්ත කමේ නොගිහින් තමුන්ගේ ආශාව සංසිදුවා ගන්න පුලුවන්.
2. ලිංගාශ්‍රිත රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.
3. ලිංගික එක්වීමකදී මනුස්සයා කලින් සුරාන්තයට පත් වුනොත් ඔහුගේත් උදව්ව ඇතුව තමුන්ටත් සුරාන්තයට පත්වෙන්න පුලුවන්.
4. තම මනුස්සයා ලිංගික බෙලහීනතාවයකින් පෙලෙනවනම් ආශාව සංසිදුවා ගන්න ලේසි ක්‍රමයක්.
5. සැමියා මිය ගිය කාන්තාවකට උපකාරී වේ.

පිරිමි ස්වයං වින්දනය ගත්තම පුරුෂ ලිඟුව තම අතින් ඉහල පහල පිරිමැදීමෙන් ශුක්‍රාණු මෝචනයත් සමඟ සුරාන්තයට පත්වෙන්න පුලුවන්.තවත් දුරට ගත්තොත් කෘතිම යෝනි වගේ එව්වා පාවිච්චි කරන්නත් පුලුවන් වැඩේට. හැබැයි රජෝ එව්වා නියමිත ප්‍රමිතියට තියෙන්න ඕනේ.. නැතුව නූල් කෝනුයි, එස්ලෝන් බටයි ඔය වැඩේට ගන්න බැහැ.

පිරිමි අය කිරීමේ වාසි ගත්තොත්
1. අවිවාහක පිරිමින්ට යෝග්‍යයයි.
2. ලිංගික රෝග බෝවීමේ ප්‍රවණතාව අඩුයි.
3. කාන්තාව තමුන් අසල නැතිනම් ආශාව සංහිදුවා ගැනීමට පුලුවන්
4. බිරිය මියගිය පුරුශයින්ට හොඳයි.

හරි දැන් බලමු මේ ස්වයං වින්දනය ගැන තියන වැරදි මත. සමහරු කියනවා ස්වයං වින්දනය කියන එක මහා පාප කාරී ක්‍රියාවක්, ඒක කරන කොට කටේ දත් පූට්‍ටු වෙනවා, තොල් හැපෙනවා, ඇඟට පණ නැතිවෙනවා, කෙට්‍ටු වෙනවා, උස යනවා, පසු කාලයේ ලිංගික අප්‍රාණිකතා ඇතිවෙනවා වගේ එකි මෙකී නොකී බයිලාවන්..

සරළව කියනව නම් එව්වා ඔක්කොම පත ගජ බින්නා සහ පට්ට බේගල්... මොකද ස්වයං වින්දනය කියන්නේ ශරීරයට යහපත් ක්‍රියාවක්.. මොකද වැවක් උනත් පිරිලා පිරිලා පිටාර ගලනවා වගේ ශුක්‍රාණු උනත් එකතු වෙලා එකතු වෙලා රාත්‍රී නින්දෙදී පිටවෙලා යනවා සමහර වෙලාවට.. ඒකට තමයිස්වප්න මෝචනය කියන්නේ...

හැබැයි රජෝ ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ... කවුරු හරි ප්‍රමාණය ඉක්මවා ස්වයං විදනයට ඇබ්බැහි වෙලා කරනවානම් අන්න එතන ලොකු කොස්සක් තියනවා...

ලිඳක උනත් ජලය උනන්න කලින් වතුර ගන්න බෑ වගේ, එළදෙනකගේ කිරි එරෙන්න කලින් කිරි දොවන්න බෑ වගේ පාලනයක් නැතුව ස්වයං වින්දනය කරලා අයහපත් ප්‍රතිපළ අත්වෙන්න පුලුවන්....

මගල රාත්‍රිය පිළිබඳ කාන්තාවන්ට වැදගත් කරුණු.


අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහෝ දෙනා තුල යම් තරමක චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මංගල රාත්‍රිය යනු ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ ඇති අමරණීය මොහොතක්. එම මොහොත සුන්දර එකක් බවට පත්කරගැනීමට නම් ඔබ ඒ පිළිබඳව යම් දැනුමක් ලබා තිබීම අනිවාර්යයයි. මේ මංගල රාත්‍රිය ගත කිරීමට යාමට පෙර මනාලියක විසින් දැනගත යුතු කරුණු 10ක්.
ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න

ඔබ දෙදෙනා මංගල කුටියට පැමිණෙන්නේ දිගු විඩාබර දිනයකට පසුවයි. එපමණක් නොවෙයි මංගල දිනයේ කටයුතු සැලසුම් කිරීම සඳහා මාස කිහිපයක් කායික හා මානසික මේ දෙයාකාරයෙන්ම ඔබ දෙදෙනා වෙහෙස වී තිබෙනවා. ඉතින් ඒ නිසා කුටියට පැමිණි පසු ප්‍රථමයෙන්ම මදක් විවේක ගන්න. ස්නානය කර දෙදෙනාම කෙටි නින්දක් ලබන්න. පිළිසඳරේ යෙදෙන්න. මධුසමය පිලිබඳ ඔබ තුල ඇති සැලසුම් පිලිබඳ කතා බහ කරන්න.
ලිංගික කටයුතු පිලිබඳ ඔබ තුල ඇති දැනුම ඉතාම අල්ප විය හැකියි.

සමහර විට ඔබට විවාහයට පෙර යම් යම් ලිංගික අත්දැකීම් ඇති. නමුත් විවාහයක් තුල ඇති ලිංගිකත්වය විවාහයෙන් පරිබාහිරව සිදුවන ලිංගික කටයුතුවලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබ මතකයේ තබා ගත යුතුයි. එසේත් නැතිනම් ඔබට ඒ පිලිබඳ පූර්ව අත්දැකීම් කිසිවක්ම නැතිවත් ඇති. එම නිසා විවාහය තුලදී සිදුවන ලිංගික කටයුතු පිලිබඳ ඉගෙන ගැනීමට ඔබට බොහෝ දේවල් තිබෙනවා. ඒවා ඔබ දෙදෙනාම එක්ව ඉගෙන ගත යුතුයි.
අතීතය අමතක කර දමන්න.

විවාහ වීමත් සමඟ ඔබ එළඹෙන්නේ ඔබේ ජීවිතයේ නවමු යුගයකටයි. ඒ දිවියේ සතුට පවත්වාගැනීමට නම් අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම්වල මතකයන්ට ඔබ සමුදිය යුතුමයි. අතීතයේ සිදු වූ යම් යම් සිදුවීම් යනු ඔබට තිබූ පෙම් සබඳතා, ලිංගික කටයුතු මේ ආකාරයේ ඕනෑම දෙයක් විය හැකියි. මංගල රාත්‍රිය ගත කරන විට ඒ සියල්ල අමතක කර දමන්න. ඒවායින් ඔබට වන යහපතක් නැහැ. අලුතෙන්ම ජීවිතය පටන් ගන්න.
මංගල රාත්‍රිය පිලිබඳ චකිතයක් ඇති වීම ස්වාභාවිකයි.

ආදර සබඳතාවයකින් පසුව සිදුවන විවාහයක් තුලදී වුවත් මංගල රාත්‍රිය පිලිබඳ ඔබට යම් චකිතයක් ඇති වීම ස්වාභාවිකයි. මෙතෙක් කල් දෙමාපිය රැකවරණය යටතේ කල් ගෙවූ ඔබ ඔවුන්ග්න් වෙන්ව වෙනත් අයෙකු හා තනිවීම නිසා එසේ චකිතයක් ඇති වීම පුදුමයකුත් නෙවෙයි. ඒ නිසා හැකිතාක් සැහැල්ලුවෙන් හා සතුටින් සිටීමට උත්සාහ ගන්න. මංගල රාත්‍රියේ සිදුවන ලිංගික කටයුතු පරිපූර්ණ නැහැ. ඔබට අත්දැකීම් මද වීම, චකිතය ආදී සියල්ලම එයට හේතුවනවා. ඒ නිසා ඒ පිලිබඳ අනවශ්‍ය බියක් ඇති කරගැනීම කළ යුතු නැහැ.
ඔබ දෙදෙනා අතර යහපත් සන්නිවේදනයක් තිබිය යුතුයි.

මංගල රාත්‍රිය යනු ඔබ දෙදෙනා ඔබ දෙදෙනාගේ සිරුරු පිලිබඳ හොඳින්ම දැන හැඳින ගන්නා දිනයයි. ඔබේ සිරුර පිලිබඳ ඔහුටද ඔහුගේ සිරුර පිලිබඳ ඔබටද දැනගත යුතු දේවල් බොහොමයක් ඇති. ඒ සියල්ල පිලිබඳ ලැජ්ජා නොවී එකිනෙකා හා කතා බහ කිරීමයි කළ යුත්තේ. අනෙක් අතට ඔබට අවශ්‍ය සියලුම දේවල් පිලිබඳ ඔබේ පවසීමකින් තොරව දැනගැනීමට ඔබේ සැමියාට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබේ අවශ්‍යතාවන් පිලිබඳ ඔබ ඔහුට පැවසිය යුතුයි.
ප්‍රථම වරට සිදු වන ලිංගික කටයුතු මදක් වේදනාකාරී විය හැකියි.

මෙයත් මංගල රාත්‍රිය පිලිබඳ සිතන විට කාන්තාවන් බියට පත්වන එක් කරුණක්. මෙහිදී ඇති වන වේදනාව සමනය කරගැනීමට ඔබට වෛද්‍ය උපදෙස් ලබා ගත හැකියි. මෙය සාමාන්‍ය දෙයක් නිසා බිය නොවී එයට මුහුණ දිය යුතුයි. අත්දැකීම් මත මෙම තත්වය මග හැරෙන බවද කිව යුතුයි.
ලිංගික කටයුතු පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය නොහැකියි.

ලිංගික කටයුතු සිදුවන ආකාරය පිලිබඳ සම්පූර්ණ වගකීම සැමියාට පැවරිය යුතුයි යන්න ශ්‍රී ලාංකීය සමාජය තුල පවතින වැරදි මතයක්. ලිංගික කටයුතු සම්බන්ධයෙන් සැමියාට හා බිරිඳට සම සමව වගකීම බෙදී යනවා. දෙදෙනාම තෘප්තිමත් වුවහොත් පමණයි එහි සතුට රඳා පවතින්නේ. එම නිසා ලිංගික කටයුතු වලදී බිරිඳක් ලෙස ඔබේ කොටස ඔබ ඉටු කළ යුතුයි.
මංගල රාත්‍රිය යනු ලිංගික කටයුතුම නෙවෙයි.

ලිංගික කටයුතු යනු මංගල රාත්‍රියේදී සිදු වන එක් දෙයක් පමණයි. ඔබ දෙදෙනා කායිකව පමණක් නොව මානසිකව හා අධ්‍යාත්මික වශයෙනුත් එකිනෙකා හා බැඳෙන්නේ මංගල රාත්‍රිය තුළදීයි. ඔබ දෙදෙනා අතර ඇති සුහදතාවය, බැඳීම ශක්තිමත් කරගැනීමට මෙන්ම අනාගත බලාපොරොත්තු පිලිබඳ නිවී සැනසිල්ලේ කතා බහ කිරීමට මංගල රාත්‍රිය තරම් උචිත අවස්ථාවක් තවත් තිබිය නොහැකියි. එම නිසා ඒ මොහොත ලිංගික කටයුතුවලට පමණක් ලඝු කරන්නට එපා.
මංගල රාත්‍රිය යනු ආරම්භය පමණයි.

බිරිඳ හා සැමියා ලෙස ඔබ දෙදෙනාට තව බොහෝ දුර ජිවිතයේ ගමන් කිරීමට තිබෙනවා. එම නිසා මංගල රාත්‍රියේදී දෙදෙනා අතින් සිදුවන යම් යම් අතපසුවීම් පිලිබඳ ඕනෑවට වඩා සිතන්නට යන්න එපා. එය ආරම්භය පමණයි. ඒවා නිවැරදි කරගැනීමට ඔබට ඇති තරම් කල් තිබෙනවා.
ගැටළු පිලිබඳ විශ්වාසවන්ත එක් අයෙකුට පමණක් පවසන්න.

Tuesday, August 2, 2016

පොස්ටිනෝ 2 ගැන මමේ දේවලුත් දැනගන්න.

පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ පොස්ටිනෝර් 2 කියන්නේ කියලා පොස්ටිනෝර් 2 පෙති පොස්ටිනොර් 2 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තකට. ඉංග්‍රීසි භාෂාවෙන් මේවා Emergency Constructive Pills එහෙමත් නැත්නම් ECP කියලා හඳුන්වනවා. මේවායෙන් වෙන්නේ හදිසියේ සිදුවුණ අනාරක්ෂිත ලිංගික හැසිරීමකට පස්සේ කාන්තාවක් ගැබ් ගැනීමෙන් වළක්වන එකයි. මේ පෙතිත් සාමාන්‍ය උපත් පාලනයට භාවිතා කරන ‘මිතුරි’ වගේ පෙති වගේම හෝර්මෝන පෙති තමයි.ඒත් සාමාන්‍ය පෙත්තකට වඩා අධික හෝර්මෝන මාත්‍රාවක් මේ ECPවල තිබෙනවා. ඒ වගේම සක්‍රිය භාවයත් වැඩියි. ඒ නිසා මේවා නිතර නිතර ගැනීම කොහෙත්ම නොකළ යුතු දෙයක්. පෙති දෙකක් අඩංගු කාර්ඩ් එකක් හැටියට මේවා වෙළෙඳපොළෙන් මිලට ගන්න පුළුවන්. ඉතින් අනාරක්ෂිත ලිංගික එක් වීමක් වුනානම් හැකි ඉක්මනින් ඒ කියන්නේ පැය 72 ක් ඇතුලත මේ පෙති දෙකෙන් එක පෙත්තක් ගත යුතුයි.ඒ වගේම දෙවෙනි පෙත්ත ගත යුත්තේ පලවෙනි පෙත්ත අරන් පැය 12ක් ඇතුලත. හරියට පෙති ගත්තොත් කළලයක් ඇතිවීමේ සම්භාවිතාව 90%කින් පමණ අඩු කරගන්න පුළුවන්. ක්‍රියා කරන්නේ මෙහෙමයි පොස්ටිනෝර් 2 කියන්නේ හෝර්මෝන පෙති වර්ගයක් කියල කලින් කිව්වනේ. මේවගේ අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය. හැබැයි ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය විතරක් අඩංගු වගේම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන දෙවර්ගයම අඩංගු පෙති වෙළෙඳ පොලේ නම් තියෙනවා. මේ පෙති ගත්තම සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. අර කිව්ව හෝර්මෝන ඇඟට ඇතුළු වෙලා ඩිම්බ මුදා හරින එක ප්‍රමාද කරවනවා එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්තලා දමනවා. සරලව කිව්වොත් ශුක්‍රාණුයි ඩිම්බයි එකිනෙකට මුණ ගැසීමේ හැකියාව අඩු කරලා දානවා. භාවිත නොකළ යුතු අවස්ථා එහෙම විශේෂ අවස්ථාවන් නැහැ. ඒත් කිරි දෙන අම්මා කෙනෙක් මේවා භාවිතයට ගන්නවා නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම නුවණට හුරුයි. වමනය යාම සමහරුන්ට පලවෙනි පෙත්ත අරන් පැය දෙක තුනකට පස්සේ වමනය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙලාවට කලබල නොවී ආයෙත් පෙති ගැනීමයි කරන්න ඕන. වමනය යාම අඩු කරන්න කිරි බොන්න පුළුවන්. ඕන නම් පෙති දෙකට එක පාර ගත්තත් වරදක් නැහැ අතුරු ආබාධ ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හිස රදය සහ පියයුරුවල ඇතිවන වේදනාව වගේ තත්වයන් කිහිපයක් මේ පෙති ගත්තාට පසු ඇති වන්නට පුළුවන්. මිත්‍යා මත සමහරු අතර මතයක් තියෙනවා මේ පෙති ගැනීමෙන් ගබ්සා වීමක් සිදුවනවා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ගබ්සාවක් කියන්නේ ඇති වෙලා තියෙන කළලයක් විනාශ කිරීම. නමුත් මේ පෙතිවලින් වෙන්නේ කලින් කිව්වා වගේ කළලයක් ඇති වීම වැලැක්වීමයි.

කාන්තාවන්ට සිදුකරන ස්ථීර උපත්පලන ක්‍රමය


ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT  හෙවත් Ligation and Resection of the Tubes කියන නම.

මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම හරහා උපත් පාලනය ලබා දෙනවා.

මේ ක්‍රමය ස්ථිර එකක්.ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ක්‍රමයක්.බැහැ කිව්වට බැරිම නෑ.නමුත් නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරලා ශල්‍යකර්මයක් සිද්ධ කළාට එච්චර සාර්ථක නෑ.ඒ වගේම නැවත සම්බන්ධ කරන තැන පොඩි අවහිරතාවයක් තිබුනොත් තවත් ගැටළුවක් ඇතිවෙන්ඩ පුළුවන්.ශුක්‍රාණු කුඩා හින්දා ඒවට පොඩි අවහිරයෙන් රිංගලා ගිහිල්ලා පැලෝපීය නාළ කෙළවරේදී ඩිම්බය සංසේචනය කරන්ඩ පුළුවන් උනාට ඩිම්බය විශාල නිසා අවහිරයක් තියෙන තැනකින් එන්ඩ අපහසුයි.

ඒවගේ වෙලාවට ගර්භාශයෙන් පිටත සිදුවෙන ගැබ් ගැනීම් හෙවත් ectopic pregnancy ඇති වෙන්ඩ අවධානමක් තියෙනවා.මේ තත්ත්වය දරුවට කොහොමත් බලපානවා වගේම අම්මගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්ඩ පුළුවන්.නමුත් මේ අවධානම් ඔක්කොම ඇතිවෙන්නේ නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරන්ඩ ගියොත් විතරයි.ඒ ඇරෙන්ඩ මේ ක්‍රමය නිසා හෝ ශල්‍යකර්මය නිසා මොනවත් බරපතල ආබාධ ඇතිවෙන්නේ නෑ.

නමුත් මේ ක්‍රමයේ වාසි තමයි තමන්ගේ පවුල සම්පූර්ණ කළාට පස්සේ තවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ ක්‍රමය බොහොම ලාභදායී මෙන්ම විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රමයක් වීම.මම දන්න විදිහට තවමත් ස්ථිර පවුල් සැලසුමකට යොමු වෙන කෙනෙකුට රජයෙන් රුපියල් 500ක් දෙනවා.

නමුත් මේ ක්‍රමය ස්ථිර එකක් නිසා ආවට ගියාට මේක වෛද්‍යවරු කරන්නේ නෑ.  මේ සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහතින් දැක්වෙනවා.

    කාන්තාව අවුරුදු 26ට වඩා වැඩි වෙන්ඩ ඕනේ.
    අඩුම ගානේ දරුවො දෙන්නෙක්වත් ඉන්ඩ ඕනේ.
    දෙවෙනි දරුවාට වයස අවුරුදු දෙකකට වඩා වැඩි වෙන්ඩත් ඕනේ.
    ඒ වගේම ගෑනු කෙනාට මේ ගැන පහදලා දීලා ඇයගේ නිදහස් කැමැත්ත ලැබෙන්ඩ ඕනෙ වගේම
    ඇගේ සහකරුවාගේ කැමැත්තත් ලබාගන්න එක අනිවාර්යයි.

මෙය ඉතාකුඩා ශල්‍යකර්මයක් මඟින් සිද්ද කරන්නක්.ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.

    එකක් තමයි සිසේරියන් සැත්කමකදී දරුවා බිහි කිරීමෙන් පසු ඒ අවස්ථාවේදී පැලෝපීය නාළ ගැට ගසා කපා වෙන් කිරීම.
    අනිත් එක තමයි උදර බිත්තියේ කුඩා කැපුමක් හරහා සිදු කරන mini-laparotomy නම් ශල්‍යකර්මය.
    උදර බිත්තිය කපන්නේ නැතුව කුඩා සිදුරු කීපයක් විද කැමරාවක් ඇතුළු කර ඒ ආධාරයෙන් කරන laparoscopy ක්‍රමය.

මෙහි මුලින් සඳහන් කළ ක්‍රමය හැර අනිත් දෙක ඉතාමත් සුළු ශල්‍යකර්ම.උදේට ඇවිත් ශල්‍යකර්මය කරගෙන හවස් වෙද්දි ගෙදර යන්ඩ පුළුවන්.

මේ ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සඳහා ආරක්ෂාවක් ලැබෙන්නේ නම් නෑ.ඒ වගේම මාසික ශුද්ධිය හෙවත් ඔසප් වීමටත් මෙයින් බලපෑමක් වෙන්නේ නෑ

සුරාන්තය ගැන මේ කරුණු ඔබ දැනසිටියාද.


ලිංගික ක්‍රියාවලියේ ඉහළම උද්දීපන තත්වය සුරතාන්තය ලෙස හැදින්වෙනවා. පුරුෂයින්ගේ මෙය ශුක්‍රාණු පිටවීම තුළින් ක්‍රියාත්මක වන අතර ස්ත්‍රීන්ගේ නම් උද්දිපනය අනූව ලැබෙන ලිංගික ආශ්වාදය විවිධාකාර වෙනවා.

ලිංගිකව හැසිරීමේදී සමහර ස්ත්‍රින් කීප වරක් සූරතාන්තයට ළගා වෙනවා. නමුත් සමහරුන්ට කිසිම ආශ්වාදයක් නොලැබෙන අවස්ථාවනුත් තිබෙන බව කිව යුතුයි. ස්ත්‍රීය හා පුරුෂයා යන දෙපළම තෘප්තිමත් ලෙස ලිංගික ජීවිතයක් ගත කරයි නම්, සූරතාන්තයට ලගාවීම අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් නොවෙයි කියා වෛද්‍යවරුන් පවසනවා. සමහරුන් ස්වයං වින්දනය තුලින් ලිංගික ආශ්වාදයක් ලබා ගන්නවා, එය කිසිසේත්ම අසාමාන්‍ය දෙයක් නොවේ. නමුත් ජීවිතයේ අනෙකුත් දෑ අතපසු කරගෙනම එහි නිරතවීම සහ ඊට ඇබ්බැහි වීම නම් කිරීම සුදුසු නැහැ.

මෙහිදී සිදුවන්නේ උකුළු පෙදෙසෙහි රිද්මයානුකූල මාංශ පේශි හැකිලීමයි. මෙය පාලනය වන්නේ අනිච්චානුග ස්නායු පද්ධතිය මගින්. ශරීරයේ විවිධ ප්‍රදේශයන්හි මාංශ පේශිවල ගැස්ම, ඉතා ප්‍රීතිමත් හැඟීම්, ශාරීරික චලනයන සහ විවිධ හඬ නැගීම් සුරතාන්තයෙදී දැකිය හැකියි.
//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

කාන්තාවන් පිරිමින්ගෙන් වසන් කරන ලිංගික ගැටළු .


ලිංගිකව හැසිරීම පිලිබඳ කාන්තාවන්ට ඇති, පිරිමින් නොදන්නා සුලබ ගැටළු 10ක්
ලිංගික ගැටළු කාන්තා, පිරිමි භේදයකින් තොරව ඕනෑම අයෙකුට තිබෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ගේ ස්වරූපය තමයි එවන් ගැටළුවක් ඇතිවූ විට ලැජ්ජාව නිසා ඒවා සඟවාගෙන සිටීම. මේ ලිපියෙන් කියැවෙන්නේ කාන්තාවන්ට සුල ලිංගිකව හැසිරීම සම්බන්ධව ඇති ගැටළු කිහිපයක්. මේවා ගැන දැනගෙන සිටීම වැදගත් වෙන්නේ පුරුෂ පාර්ශවයට තමයි.

    දරුවෙක් ලැබුණ පසු ලිංගිකව හැසිරීමට ඇති අකමැත්ත
    ඒකාකාරී බව නිසා ලිංගිකව හැසිරීම එපා වීම
    විවාහයේ වගකීම් සමඟ දෙදෙනාට තනිව සිටින්නටවත් වේලාවක් නොමැති වීම.
    ආර්තවහරණය නිසා ඇතිවන හෝර්මෝන වෙනස් වීම හේතුවෙන් ලිංගිකව හැසිරීම කරදරයක් සේ දැකීම.
    ආර්තවහරණය හා ඒ වයසට ලංවන විට යෝනි මාර්ගය වියළි ස්වභාවයක් ගැනීම නිසා ලිංගික එක්වීම වේදනාකාරී වීම.
    සැමියා නිල් චිත්‍රපට නැරඹීමට හුරු වී සිටීම.
    සැමියා ඉක්මනින් සුරතාන්තයට ලංවීම සහ බිරිඳට සුරතාන්තයක් ලබා දීමට ඔහු අපොහොසත් වීම.
    සැමියා යහනේදී විවිධාකාර අප්‍රසන්න නම් වලින් බිරිඳව ඇමතීම.
    සැමියාට ගුද මාර්ග සංසර්ගය කිරීමට උවමනා වීම සහ එය බිරිඳට ඉතාම වේදනාකාරී වීම.
    නිතරම මුඛ සංසර්ගයට අදාළ දේවල් කරන ලෙස සැමියා විසින් බිරිඳට පැවසීම.

අප සෑමවිටම කියනවා මෙන් මෙවන් තත්වයන් ඔබේ යුග දිවිය තුළ පැවතීම එය පසුකාලීනව දෙදරා යන්නත් හේතුවක් වන්නට පුළුවන්. ඒ නිසා සෑමවිටම කළ යුත්තේ දෙදෙනා කතා බහ කර පවතින ගැටළු හඳුනාගැනීමයි. අවශ්‍ය නම් ඔබට වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදේශනයන්ද ලබා ගැනීමට හැකියි. මේවා විසඳාගෙන සාර්ථක යුග දිවියක් ගෙවීමට ඔබට අවශ්‍ය වන්නේ එකිනෙකා කෙරෙහි ඔබ තුල පවතින ආදරය, සෙනෙහස සහ ගෞරවයයි.
//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

කාමසූත්‍ර ග්‍රන්ථය පිලිබඳව ඔබ නොදන්නා කරුණු .


වාත්ස්‍යායනයන් විසින් ක්‍රිස්තු පූර්ව 400 සහ 200 අතර කාලයේ රචනා කළ බව සැලකෙන ‘කාමසූත්‍ර’ ග්‍රන්ථය පිලිබඳ බොහෝ දෙනා සිටින්නේ ඉතාම වැරදි වැටහීමකයි. එනම් ඔවුන් සිතාගෙන සිටින්නේ මෙම ග්‍රන්ථයේ සම්පූර්ණයෙන්ම ඇත්තේ ලිංගික පහස පිලිබඳ ඇති කරුණු පමණක් බවයි.

එහෙත් එය සම්පූර්ණයෙන්ම මුසාවක්. කාන්තාවන්ට ගෞරව කළ යුතු බව, කුල ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම, සම ලිංගික සම්බන්ධතා වලට සමාන සැලකිලි ලබා දීම වැනි ඉතා වැදගත් කරුණු මේ ග්‍රන්ථයේ ඇතුලත් වෙනවා.

සංස්කෘත බසින් ලියැවුන කාම සූත්‍ර මුල් කෘතිය පළමු වරට රිචර්ඩ් ෆ්‍රැන්සිස් බර්ටන් (Richard Francis Burton) විසින් 1883 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ අතර පසුව කාම සූත්‍ර කෘතිය සම්බන්ධයෙන් ලියැවුන බොහෝ ග්‍රන්ථ පාදක කර ගනු ලැබුවේ ඔහුගේ පරිවර්තනයයි.

කාම සූත්‍ර මුල් කෘතියේ අඩංගු කාන්තාවන්ට ගෞරව කිරීම සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලියැවුන ඇතැම් කොටස් බර්ටන්ගේ පරිවර්තනයේ අන්තර්ගත වන්නේ නැහැ.

එමෙන්ම කාම සූත්‍ර මුල් කෘතියේ සම ලිංගික සම්බන්ධතා සහ පුරුෂයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධ සියලුම තොරතුරු බර්ටන්ගේ පරිවර්තනයේ දී ඉවත් කර ඇති බවයි පැවසෙන්නේ.

වර්තමානයේ ආගමික සංස්ථාවන් තුළ ලිංගික සංසර්ගය, කාමය සහ අනුරාගය ඉස්මතු කිරීම හෝ ඒ පිළිබඳ කතා කිරීම ප්‍රතික්ෂේප කරන වටපිටාවක් පැවතියත් ඉතා ඈත අතීතයේ ලියවුනු කෘතීන්හි එවැනි මාතෘකා විවෘතව කතාබස් කර ඇති බව ඔප්පු කරන හොඳම උදාහරණය ලෙස ‘කාමසූත්‍ර‘ ග්‍රන්ථය හැඳින්විය හැකියි.

ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවේද අතීතයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉතා නිදහස් සිතිවිලි හා හැසිරීම් වලට ඉඩ තිබූ බව අප සැවොම දන්නා කරුණක්.

එම මාතෘකාවන් පිලිබඳ කතිකාව යටපත් වූවේ බ්‍රිතාන්‍යයන් විසින් පෙරදිග රටවල වික්ටෝරියානු සංස්කෘතිය පැතිරවීමත් සමගයි. නමුත් දැන් ඔවුන් එය යල් පැන ගිය දෙයක් ලෙස පිළිගෙන ඇති අතර තවමත් එහි ඇති දෑ කර තබාගෙන යන්නේ අපයි.

ඉතින්  ඒ පිලිබඳ කතිකාවතක් අප විසින් නැවතත් ඇති කළ යුතු නොවේද?
//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

Monday, August 1, 2016

අනවශ්‍ය ගැබ්ගැනීම් වලක්වන ලූපය පිලිබඳව ඔබ නොදත් කරුනු .


අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීමට කාන්තාවන් පළඳින ‘ලූපය’ ගැන දැනගත යුතු කරුණු 5ක්

    කාන්තාවකට අනවශ්‍ය දරු ගැබක්  හට  ගැනීම  වලක්වා ගැනීමට වුවමනා වුවද, ඒ සඳහා දෛනිකව ගිලින පෙති,ත්‍රෛ-මාසික ඩිප්‍රෝ ප්‍රොවේරා එන්නත් හෝ LRT සැත්කම කර ගැනීමට අකමැති නම්, ඒ සඳහා ඇති හොඳම ක්‍රමය තමයි ලූපයක් පැළඳීම කියල කියන්නේ.

ලූපය හෙවත්  Cu-380 IUCD කියන්නේ කුඩා T හැඩැති ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයකින් හදලා එයට තඹ ලෝහ කම්බියක්ද අඩංගු කර ඇති කුඩා උපකරණයක්. මෙය ගර්භාශය තුළ පැළඳි විට එතුල ගැබ් ගැනීමට නුසුදුසු පරිසරය ක් ඇතිවන බැවින් පිළිසිඳ ගැනීම් සිදු වෙන්නේ නැහැ.
සුදුසු කා සඳහාද?

දරුවන් ඇති , දරුවන් ලැබීම ප්‍රමාද කිරීමට හෝ වලක්වා ගැනීමට අවශ්‍ය කාන්තාවන්ට  ලූපය  කියල කියන්නේ ඉතා හොඳ පවුල් සැළසුම් ක්‍රමයක්.
ලූපය ඇතුළු කිරීම

මෙය වෛද්‍යවරයෙකු විසින් කළ යුතු කාර්යයක්. ඇතුළු කරන්න කලින් ,වෛද්‍යවරයා විසින් කාන්තාව පරීක්ෂා කරනු ලබනවා. මාසික ඔසප්වීම සිදු වී මුල්  දින කීපය තුළ ,ගැබ් ගෙල ඇරී ඇති නිසා ලූපය ඇතුළු කිරීම තමයි වඩාම පහසු වන්නේ.

ඉන් අනතුරුව දින දෙකක් පමන ලිංගික ක්‍රියාවලියේ නොයෙදිය යුතුයි. ලූපය ඇතුලත් කල පසු එහි කෙළවර ඉතා සිහින් නූලක් මෙන් යෝනි මාර්ගය තුල පවතින අතර එය පිටතට අදින්න උත්සහ නොකළ යුතුයි.

සමහරුන්ට ලූපය ඇතුළු කර දින කීපයක් යනතුරු ,ඔසප් වීමේදී මෙන් සුළු යටි බඩේ වේදනා තත්ත්වයක් ඇතිවෙනවා. එයට සාමාන්‍ය වේදනා නාශකයක් ලබා ගැනීම ප්‍රමාණවත්

අන් උපත් පාලන ක්‍රම මෙන් නොව, ලූපය වසර 10ක් පමණ ක්‍රියාකාරී  වෙනවා.

//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

ප්‍රථම හාදුව දෙන්නට පෙර දැනගත යුතු දේවල් 10ක්

    පෙම්වතාගෙන් හෝ පෙම්වතියගෙන් ලැබෙන ප්‍රථම හාදුව කියන්නේ අපේ ජීවිතයේ කිසිදාක නොමැකෙන සමරු සටහනක් වගේ දෙයක්. නමුත් ඔබට ඒ මොහොත හරියට ග්‍රහණය කරගන්න බැරි වුනොත් එය පසුතැවීම, කලකිරීම වැනි සෘණාත්මක හැඟීම් ඉතිරි කරන දෙයක් බවට පත්වේවි. ඒ නිසා ප්‍රථම හාදුවට පෙර පහත දේවල් ගැන සැලකිලිමත් වී සිටීම ඇඟට ගුණයි.

ඔබේ පෙම්වතිය/පෙම්වතා සිපගැනීමකට සූදානම් වී සිටීම

මෙහිදී ඔහු හෝ ඇය සිප ගැනීමක් ලබන්නට කැමැත්තෙන් සිටින මොහොතක් වීම අනිවාර්යයයි. ඔබ දෙදෙනා එකිනෙකා හා ස්පර්ශ වෙමින් සුහද ලෙස කතා බහක යෙදී සිටින, සිනා සෙමින් සිටින අවස්තාවක් මේ සඳහා වඩා සුදුසුයි.
ඔබේ හුස්ම දුර්ගන්ධයෙන් තොර වීම

මතක හිටින ආකාරයේ මිහිරි සිප ගැනීමකට දුර්ගන්ධයෙන් තොර හුස්මක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ සඳහා ඔබ ඔබේ මුඛ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වී තිබිය යුතුයි.
සිප ගැනීමකට සුදුසු පරිසරයක සිටීම

සෙනග ගැවසෙන, තදබදයක් සහිත, ඝෝෂාකාරී පරිසරයක් සිප ගැනීම සඳහා කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා එම අවස්ථාවට ගැළපෙන ප්‍රේමණීය පරිසරයක් ඇති ස්ථානයක් ඔබ විසින් තෝරාගෙන තිබිය යුතුයි.
සිරුරෙන් නිකුත් වන සුවඳ

මුඛ සෞඛ්‍ය ගැන අපි මීට කලින් කතා කළා. ඒ පමණක් නෙවෙයි ඔබේ සිරුරෙන් දහදිය ගඳ වහනය වනවානම් එය ඔබේ පෙම්වතාට/පෙම්වතියට අප්‍රසන්න අත්දැකීමක් වන්නට පුළුවන්. ඒ නිසා පිරිසිදුව, පිළිවෙලකට ඔහු හෝ ඇය ඉදිරියේ පෙනී සිටීම වැදගත්.
සිප ගැනීමකට සුදුසු ආකාරයෙන් සමීපව සිටීම

සිප ගන්නා විට ඔබ දෙදෙනා ඉතා සමීපව සිටීම ඉතාම ප්‍රේමණීය වනවා.
මෘදු ලෙස ආරම්භය ගැනීම

කලබලය මෙන්ම ආවේගශීලී වීම මෙවන් මොහොතකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.
දෑත්වල පිහිටීම

සිප ගන්නා විට ඔබේ දෑත් ඔහුගේ හෝ ඇයගේ සිරුර වටා එතී තිබීම ඔවුන්ට සුරක්ෂිත හැඟීමක් ගෙන දේවි.
දිව භාවිතා කිරීම

ප්‍රථම හාදුවෙදී තම පෙම්වතා අනවශ්‍ය ආකාරයට දිව භාවිතා කිරීම කාන්තාවන්ගේ නොරිස්සුමට ලක්වන බවයි කියැවෙන්නේ. ඒ නිසා ඇයට අප්‍රසන්න හැඟීමක් ගෙන නොදෙන ආකාරයට එය පාලනය කරගැනීම වැදගත්.
හාදුවේ වේලාව

හාදුවක් කොපමණ වෙලාවක් පුරා දිය යුතුද යන්න පිලිබඳ නිශ්චිත මිනුමක් නැහැ. ඔබ දෙදෙනා කැමති, පහසුවෙන් සිටිය හැකි ඕනෑම වෙලාවක් පුරා ඔබට සිප ගැනීමේ නිරතව සිටිය හැකියි.
හාදුවෙන් පසු හැසිරීම

මෙය ඉතාම වැදගත් අවස්ථාවක්.  සිප ගැනීමෙන් පසුවත් එකිනෙකා හා මිත්‍රශීලීව සිටින්නට ඔබ වග බලාගත යුතුයි. තැති ගැනීමෙන් හා කලබලකාරීව සිටිය යුතු නැහැ. හාදුවෙන් පසුව ‘මම මේ මොහොත වෙනකල් බලාගෙන හිටියා’ වැනි යමක් පැවසීම සුදුසුයි. එසේත් නැත්නම් සාමාන්‍ය ආකාරයට කතා බහක් පටන් ගැනීම කළ හැකියි.

ක්‌ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්‌මණින් ශුක්‍රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක්‌ නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර විමසනු ලබන ගැටලුවකි. ඊට හේතුවී ඇත්තේ ක්‌ෂණික මෝචනය යනු කුමක්‌ දැයි බොහෝ දෙනා නිවැරැදි අයුරින් වටහාගෙන නොතිබීමය.

ක්‌ෂණික මෝචනය පිළිබඳ ලිංගික විද්‍යාව පිළිබඳ අන්තර් ජාතික සංගමය අර්ථ දක්‌වා ඇත්තේ මෙසේය.

කාන්තාවක්‌ සමග එක්‌වීමේදී විනාඩි දෙකකට අඩු කාලයකදී ශුක්‍රානු පිට වේ නම් එය ඔහුට පාලනය කළ නොහැකි නම් සහ මෙම තත්ත්වය ඔවුන් දෙදෙනාටම මානසික පීඩාවක්‌ බවට පත්ව තිබේ නම් එය ප්‍රතිකාර ලබාගත යුතු මට්‌ටමේ ක්‌ෂණික මෝචනයක්‌ බවය.

මෙම ක්‌ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබාදීමේ ක්‍රම කිහිපයක්‌ ඇත.

එම ප්‍රතිකාර ක්‍රම භාවිත කරනුයේ මතුව ඇති ගැටලුව අනුවය.

ශාරීරික රෝගී තත්ත්වයක්‌ නිසා ඉක්‌මනින් ශුක්‍රාණු පිටවීම සිදුවන්නේ නම් එම රෝගී තත්ත්වය නිවැරැදි කිරීම ඉතාම වැදගත් ය. මෙසේ ක්‍ෂණික මෝචනය ඇති කරන රෝගී තත්ත්වයන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ක්‍රියාකාරීත්වය ටෙස්‌ටොස්‌ටෙරෝන් හෝමෝනයේ ඌනතා පුරස්‌ති ග්‍රන්ථියේ ආසාදන තත්ත්වයන් ප්‍රධාන වේ.

මෙවැනි රෝගී තත්ත්වයන් එතරම් බහුල නොවූනත් ක්‍ෂණික මෝචනය ඇති අයකුගේ මෙවැනි තත්ත්වයක්‌ තිබේ දැයි හඳුනා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත්ය.

ප්‍රාණවත් වීමේ අඩුවක්‌ ඇති විටදී ද ඉක්‌මනින් ධාතු පිටවීම සිදුවිය හැකිය. මෙවැනි අවස්‌ථාවකදී ප්‍රාණවත් වීමේ ගැටලුවට හේතු කාරක හඳුනාගෙන එම තත්ත්වයට ප්‍රතිකාර කිරීම තුළින් ක්‍ෂණික මෝචනය නිවැරැදි කළ හැකිය.

මානසික උපදේශනය

නොයෙකුත් මානසික තත්ත්වයන් නිසා ක්‍ෂණික මෝචනය ඇතිවිය හැකිය. මෙවැනි තත්ත්වයන් මානසික රෝග නොවන බව තේරුම් ගැනීම වැදගත් ය. අවශ්‍ය පෞද්ගලිකත්වය නොමැති වීම වෘත්තීය දිවියේ පීඩනයන්, විවාහ දිවියේ ඇති ආතතිය, මානසික පීඩනය සහකාරිය සමඟ ඇති අමනාපකම් තමාගේ ලිංගික හැකියාව අවතක්‌සේරු කිරීම, ආත්ම විශ්වාසය අඩුවීම වැනි කරුණු නිසා ක්‍ෂණික මෝචනය ඇති විය හැකිය. නිසි මඟ පෙන්වීම සහ උපදේශනය (Psychosexual counselling) තුළින් මෙම තත්ත්වයන් නිවැරැදි කළ හැකිය.

ලිංගිකව හැසිරෙන ක්‍රමවේදයන්

ලිංගිකව හැසිරීමේදී කාන්තාවගේත් පිsමියාගේත් සිරුරේ මාංශපේෂී ඉහිල්ව පැවතිය යුතුය. එවිට ඔවුන්ගේ ස්‌නායු පද්ධතිය ද පීඩනයකින් තොරව පවතී. එවිට ඉක්‌මනින් ශුක්‍රානූ පිටවීම පාලනය කරගත හැකිය.

එසේම දෙදෙනා එකතු වන ඉරියව් අනුවද ඉක්‌මනින් ශුක්‍රානු පිටවීමට බලපායි. එනිසා නිසි ඉරියව් අනුගමනය කළ යුතුය.

ඖෂධ ප්‍රතිකාර

ඉක්‌මනින් ශුක්‍රානු පිටවීම පාලනය කිරීම සඳහා ඖෂධ වර්ග ඇත. එය නිසි වෛද්‍ය උපදෙස්‌මත ලබාගත යුතුය. මන්දයත් මෙම ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතු කාලය තීරණය වන්නේ ඔවුනට ක්‌ෂණික මෝචනය මතුව ඇති ආකාරය අනුවය දිගු කාලයක සිට පවතී නම් හෝ පසු කාලයකදී මතුවූවක්‌ නම් හෝ එවැනි අවස්‌ථාවන් අනුව ඖෂධ ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

ශුක්‍රානු පිටවීම පමාකරන උපත් පාලන කොපු වර්ගද වර්තමානයේ වෙළෙඳපොළේ ඇත. පවුල් සංවිධාන සංගමය මගින් බෙදාහරින 'ස්‌ටැමිනා' යන උපත් පාලන කොපු ඊට එක්‌ නිදසුනකි. මෙම කොපු පැළඳිය යුත්තේ ලිංගික සංසර්ගය ආරම්භ කරන මොහොතේ සිටය. මන්දයත් එහි ක්‍රියාකාරිත්වය ඇතිවීමට සුළු වේලාවක්‌ ගත වේ.

මෙම ප්‍රතිකාර ලබාගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස්‌ මතය. හිතුමතේ මෙවැනි ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබී යා හැකිය. ඉන් තවත් මානිසක පීඩනයක්‌ ඇතිවිය හැකිය.

ස්‌වයං වින්දනයේදී ද ක්‌ෂණික මෝචනය ඇති වන බවට ඇතැම් දෙනා පවසති. ස්‌වයං වින්දනය මගින් ක්‌ෂණික මෝචනය හඳුනාගත නොහැකිය. ස්‌වයං වින්දනයෙන් බලාපොරොත්තු වන්නේ ඉක්‌මනින් ශුක්‍රානු පිට කිරීමකි. එනිසා ස්‌වයං වින්දනයේදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවූවා යෑයි කියා ලිංගිකව එක්‌වීමකදී ඉක්‌මනින් ශුක්‍රානු පිටවේ යෑයි කියා අනවශ්‍ය' බියක්‌ ඇතිකර නොගත යුතුය.
(සැලකියයුතුයි මෙය උපුට ගැනිමකි)
//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

දැනුවත් වෙන්න

ඕනෑම සත්වයකුටම, තම පැවැත්ම වෙනුවෙන් ලිංගික අවශ්‍යතාවක් ඇතිවෙනවා, ඒක සොභාවික දෙයක්. එවිට එම සත්වයන් එකී අවශ්‍යතාව සපුරා ගත හැකි සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නවා. මෙහිදී මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඌ අදාල සහකරුවා හෝ සහකාරිය සොයාගනු ලබන්නේ කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අනුගතව වීම නිසාවෙනි. මිනිස් සංහතිය තුල ඇතැම් ජනවර්ග ගැහැණිය පහත් පිරිමියා උසස් යන මතයක් ගොඩනගල තිබ්බ. මේකේ ප්‍රතිපලය උනේ ගැහැණිය ලිංගික වෙළඳ භාණ්ඩයක් වීමෙන්. පිරිමියා තමුන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගනිමින්, ඇතැම් විට, දරුණු ලෙස ලිංගික වද වේදනා දෙමින් තම ශුක්‍රානු පිට කරමින් සතුටු උනා. මේ තත්වය දකුණු ආසියාතික රටවල් තුල දක්නට ලැබුණු නින්දිත දර්ශනයක් විය. මේ නිසා එකී ක්‍රියාවෙන් ශාප ලද්දෝ අද වන විට තම ලිංගික බෙලහීනතාවය නිසා තම බිරියගේ හෝ සැමියාගේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. මෙයට හේතුව වන්නේ, වර්තමානය වන විට නිදහස් සිතුම් පැතුම් රිසි සේ විඳ ගැන්මට සමාජය හුරුවීම නිසාවෙනි. ඇත්ත මේකයි.....! අද ඉන්න කාන්තාවෝ සුරත්තානය(උපරිම ලිංගික තෘප්තිය) ලබන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උත්සහ කරනවා. ඒක වරදක් නෑ. කාන්තාවෝ කියන්නෙත් හැගීම් දැනීම් තියන පිරිසක්. පරනතාලේ කොල්ලෙකුට මේ වගේ කෙල්ලෙක් ලැබුනොත් දෙන්නම සදා දුකේ තමයි. ඔයාලා දන්නවද කාන්තාවන්ගේ ඇඟේ කාම නිල 720 තියන බව. එම නිල නිසියාකාරව මිරිකීමෙන් හා අතගැමෙන් ඕනෑම කාම ධේනුවක් ඉතා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන් බව. ඒවගේම තමයි පිරිමියෙකුගේ ඇඟේ කාම නිල 560 පමණ තිබෙනවා. මේ නිල හරියට ඇල්ලුවොත් කොයි ලිඟුවත් මෝල් ගස් වගේ තමයි. ඇතැම් පිරිමි හිතන් ඉන්නවා තමන්ගේ ලිඟුවා අඟල් 7 හෝ 8 පමණ ලොකු වෙච්ච නිසා ඕන වලක් ඕන වැලක් එකයි කියල. හැබැයි තමන්ගේ නෝනා වෙන කෙනෙකුගේ පහස ලබන්න පෙරුම් පුරන බව ඒ මැටි මොලේට තේරෙන්නෑ.. මම එහෙම කියන්න හේතුව තමයි අද ලෝකේ බොහෝ පිරිමි කාමාත්මර්තකාමි නිසයි. ඒ කියන්නේ, තමන්ගේ ආශාව සන්සිදෙනකම්, තමාගේ ශුක්‍රානු ටික පිටවෙනකම්, ගැහැණිය ලවා තම අවශ්‍යතාවය සංසිඳුව ගන්න එකටයි. ඒත් හැම පිරිමියම එහෙම නෑ, ඒ නිසා තමයි එක කොටසක් ඉතාමත් සතුටුදායක ආකාරයෙන් තමන්ගේ ලිංගික ජීවිතය විඳිනකොට අනෙක් කොටස තමාගේ ජීවිතයේ කතා කරන්න අකමැතිම දේ විදියට තමුන්ගේ ලිංගික ජීවිතය පත් වෙලා තියෙන්නේ. දැන් මේ ලිපිය කියවන සමහර අය‍ට තමන්ගේ ලිංගික ජීවතය තුල තමුන් කොච්චර තෘප්තිමත්ද, කොච්චර අතෘප්තිමත්ද කියල තේරෙනවා ඇති. තමුන් හැමවෙලාවෙම හරි කියල හිතන්න එපා. තව කෙනෙකුට ඇහුන්කම් දෙන්න පුළුවන් නිහතමි මනුෂ්‍යයෙක් වෙන්න එතකොට මේ හැම කරදරයකින්ම නිදහස් වෙන්න පුළුවන්. හැමනිතරම අලුත් කෙනෙක් වෙන්න ලිංගික ජීවිතය තුල අලුත් අත්හදාබැලීම් කරන්න, එතකොට ඔයාලගේ ජීවිතය තුල නැවුම් ගතියක් ප්‍රොබෝධයක් ලැබෙන බව නොඅනුමානයි.
//ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g

දරු සුරතල් බැලීම විවාහක යුවලක් තුල තිබෙන සිහිනයක්. නමුත් සමහරුන්ට ඒ සිහිනය ඉටු කරගැනීම එතරම් ලෙහෙසි වෙන්නේ නැහැ. අතීතයේදී නම් මෙහි වරද පැටවුණේ කාන්තාව මත වුවත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ පුරුෂයාගේ දුර්වලතාද දරු ඵල නොලැබීමට හේතුවන බවයි.

එම දුර්වලතා අතරින් ප්‍රධානම දුර්වලතාවක් ලෙස සැලකෙන්නේ පුරුෂයන්ගේ වෘෂණ කෝෂ තුල ශුක්‍රාණු නිපදවීම අඩු වීම හා ඒ ආශ්‍රිත ගැටලුයි. මෙමෙ ලිපියෙන් කතා බැහැ කෙරෙන්නේ ඒ ගැටළු සහ ඒවාට බලපාන හේතු මොනවාද යන්න පිළිබඳවයි.

ශුක්‍රාණු නිපදවීම අඩු වීමට හේතු කීපයක් ම බලපානවා,
උපතේදී ඇතිවන දුර්වලතා

උපතින් ම වෘෂණ කෝෂ කුඩාවට පිහිටීම, කෝෂ තුළට වෘෂණ ඇතුළු නොවී උදරය තුළම පිහිටා තිබීම වැනි හේතු ශුක්‍රාණු නිපදවීම අඩාලවීමට බලපානවා.
අධික උණුසුමට වෘෂණ කෝෂ නිරාවරණය වීම

ඇතැම් රැකියාවන් වල නිරතවී සිටින පුරුෂයින් ගේ ද ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති වෙනවා. ඒ විශේෂයෙන් ම උණුසුම් වාතාවරණයක් යටතේ වැඩ කරන පෝරණු සහ බේකරිවල සේවය කරන පුද්ගලයින්ගේ. ඔවුන් කරන රැකියාව අනුව බොහෝ වේලාවක් අධික උණුසුම් පරිසරයක සිටීම, වෘෂණ කෝෂවල ශුක්‍ර නිපදවීමට බලපෑම් ඇති කරනවා.
යට ඇඳුම්

ඉතා තදට යට ඇඳුම් ඇඳ දිනකදී බොහෝ වේලාවක් සිටීම ශුක්‍රාණු නිපදවීමට බාධා ඇති කරන බව‍ හෙළිවී තිබෙනවා.
වෙනත් රෝග තත්වයන්

වෘෂණ කෝෂවල දිය පිරීම, වෘෂණ කෝෂ බරවා රෝගයට ගොදුරුවීම, කෝෂවල නහර ගැටගැසීම, හර්නියා වැනි තත්ත්වයන් ද පුරුෂයකුගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීමට බලපෑම් ඇති කරනවා.

විවිධ ආසාදන තත්ත්වයන් වෘෂණ කෝෂවලට බලපෑම ශුක්‍රාණු නිපදවීම අඩාළ කිරීමට හේතුවක්. බොහෝ දෙනෙක් දන්නා පරිදි කම්මුල් ගායට හේතු වන වෛරසය වෘෂණ කෝෂ වලට බලපෑම් ඇති කළහොත් එමඟින් වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම හීන වෙනවා.
පුරස්ථි ග්‍රන්ථිවල ආසාදන තත්වයන්

පුරස්ථි ග්‍රන්ථිවල ඇතිවන ආසාදන වෘෂණ කෝෂ ආශ්‍රිතව සෑදෙන ක්ෂය ‍රෝගය මෙන් ම ක්ලැමීගියා වැනි විෂබීජ නිසාත්, පුරුෂයින්ගේ වෘෂණ තුළ ශුක්‍රාණු නිපදවීම පහත වැටෙනවා.
බෝ නොවන රෝග හා ශාරීරික තත්වයන්

බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මන්දපෝෂණය, අධික දුම්පානය, මත්පැන් පානය වැනි නරක පුරුදු මගින් ද වෘෂණවල නිපදවෙන ශුක්‍ර තරලයේ දෝෂ හටගන්නවා. මත්පැන්වල ඇති අහිතකර රසායන වෘෂණ කෝෂවල ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම අඩුවීමට බලපානවා. හෝමෝන ආශ්‍රිත රෝග තත්ව නිසා ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා. දියවැඩියාව ඉන් ප්‍රධානයි.

තයිරොයිඩ්, පිටියුටරි, අධිවෘක්ක වැනි හෝමෝන ශ්‍රාවය වන ග්‍රන්ථිවල ඇතිවන දෝෂ නිසා ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් ශුක්‍ර තරලයේ ගුණාත්මක භාවයට ඍජු ලෙස ම බලපානවා. නිතර එක්ස් කිරණ වැනි විකිරණවලට ගොදුරු වීම, ඊයම් දුම, පිළිකා නාශක ඖෂධ වැනි දේට හසුවීම අධිරුධිර පීඩනය, ඇතැම් මානසික රෝග සහ වලිප්පුව වැනි රෝග වලදී ලබාදෙන ඖෂධ මගින් ද පුරුෂයින්ගේ ශුක්‍ර තරලය දුර්වල වෙනවා.
ප්‍රතිශක්තීකරණය

එමෙන් ම ඇතැම් පුරුෂයින්ට ශරීරයේ ප්‍රතිශක්තියේ ඇතිවන ගැටලුවල දී ශුක්‍රාණුවලට එරෙහිව ශරීරය තුළ ප්‍රතිදේහ ඇතිවීම නිසාත්, ශුක්‍රාණු කැටි ගැසීම අක්‍රියවීමට ඉඩ තිබෙනවා.
ජානමය බලපෑම

ඇතැම් පුද්ගලයින් හට පාරම්පරිකව උරුම වන ඇතැම් ජාන නිසා ද ශුක්‍රාණු නිපදවෙන්නේ නෑ. උදාහරණයක් ලෙස ක්ලයින්ෆෙල්ටර් (Klinefelters) නම් රෝගයේදී පුරුෂයාට එක් ස්ත්‍රී වර්ණ දේහයක් වැඩිපුර පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක පුරුෂයාගේ වෘෂණවලට ශුක්‍රාණු නිපදවීමට නොහැකි වෙනවා. //ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g
තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න කාගෙන්වත් යැපෙන්නේ නැතුව තමන්ම කීයක් හරි උපයාගෙන, පවුලට සවියක් වෙන්න කාන්තාවකට පුළුවන් නම් ඒක කොච්චර වටිනා දෙයක්ද? බලන්න ඒ වගේ ශක්තිමත් කාන්තාවෝ සතු පහත ලක්ෂණ ඔබටත් තියෙනවද කියලා.

1ඇය තමන් කවුද කියල හොඳින්ම දන්නවා

ශක්තිමත් කාන්තාවක් තමන්ට පුළුවන් දේවල් මොනවද, තමන්ට බැරි දේවල් මොනවද කියල හොඳටම දන්නවා. තමන්ගේ ශක්තීන්, දුර්වලතා හරියටම දන්න නිසා යන්නන් වාලේ නොයා තමන්ටම කියල ගමනක් හදාගන්න එයා දක්ෂයි.


2ඇය හැමදාම අළුත් දෙයක් ඉගෙන ගන්නවා

ශක්තිමත් කාන්තාවක් කිසිම දවසක ඉගෙන ගන්න එක කරදරයක් කියල හිතන්නේ නෑ. දිනපතාම මොනවහරි ඉගෙන ගන්න ලැබෙන එක තමන්ට ලැබුණ ලොකු අවස්ථාවක් විදිහට එයා සලකනවා. ඒ ඉගෙන ගන්න දේවල් තමන්ගේ ජීවිතේට apply කරගන්නේ කොහොමද කියලත් එයා හොඳින්ම දන්නවා.


3ඇය කාගෙන්වත් යැපෙන්න කැමති නැහැ

තමන්ට පුළුවන් විදිහට අනුන්ට යමක් දෙනවා මිසක් තමන්ගේ අවශ්‍යතා හැම එකක්ම, විශේෂයෙන්ම මුදල් අවශ්‍යතා සපුරාගන්න අනුන් මත  යැපෙන්න ඇය පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ වෙනුවට තමන්ට තියෙන විදිහට තමන්ගේ අවශ්‍යතා සපුරාගන්නයි ඇය කැමති.


4ඇයට ජීවිතය ගැන ඉලක්කයන් තිබෙනවා

තමන්ට ලැබිලා තියෙන ජීවිතයෙන් හරියටම අවශ්‍ය මොනවද කියල ඇය දන්නවා. ඒ ඉලක්ක සපුරා ගන්න තමන් කරන්න ඕන මොනවද කියල සැලසුමකුත් ඇයට තියෙනවා.


5ඇය ශක්තිමත් මිතුරු සම්බන්ධතා ගොඩ නගා ගන්නවා

ශක්තිමත් කාන්තාවකට මිතුරු මිතුරියන් විශාල ප්‍රමාණයක් නොසිටින්නට පුළුවන්. නමුත් ඉන්න මිතුරු මිතුරියක් කිහිප දෙනා එක්ක ඇයට තියෙන්නේ හරිම ලෙංගතු වගේම ශක්තිමත් බැඳීමක්.


6ඇය හැකි සෑම විටම අනුන්ට උපකාර කරනවා

උපකාර අවශ්‍ය අයට හැකි අයුරින් උපකාරයක් කරන්න ශක්තිමත් කාන්තාවන් හැම වෙලේම සැදී පැහැදී ඉන්නවා. උපකාර කියන්නේ මුදල් පමණක් නෙවෙයි මානසික සහනය, ඇහුම්කන් දීම වගේ දේවල්ද මේකට අයත්.


7ඇයට විශේෂිත වූ සිහින තිබෙනවා

අනාගතය ගැන සිහින දකින්නට වගේම බය නැතිව ඒ සිහින සැබෑ කරගැනීමට කටයුතු කිරීම ශක්තිමත් කාන්තාවන් සතු තවත් විශේෂිතම වූ ලක්ෂණයක්


8ඇය අනෙක් කාන්තාවන්ට ශක්තිමත් වීමටත් උපකාර කරනවා

ශක්තිමත් කාන්තාවන් කිසිම විටෙක නැගී සිටින්න හදන වෙනත් කාන්තාවක් ගැන ඉරිසියා වන්නේ නැහැ. ඔවුන් සමඟ තරහ ගන්නෙත් නැහැ. ඒ වෙනුවට තම අත්දැකීම් බෙදා හදා ගනිමින්, උපදෙස් දෙමින්, හැකි අයුරින් උපකාර කරමින් ඒ වගේ කාන්තාවන්ටත් දියුණු වෙන්න කියා දෙනවා //ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g //ylx-4.com/fullpage.php?section=General&pub=655812&ga=g